Search

කොරෝනා රෝගීන් ගේ පෞද්ගලිකත්වට හානි කරන ප්‍රවෘත්ති හා දර්ශන ප්‍රසිද්ධ නොකරන ලෙසට සියලුම ශ්‍ර්‍රී ලාංකීය මාධ්‍යයන් ගෙන් රජය ඉල්ලා සිටී.

කොරෝනා රෝගීන් ගේ පෞද්ගලිකත්වට හානි කරන ප්‍රවෘත්ති හා දර්ශන ප්‍රසිද්ධ නොකරන ලෙසට සියලුම ශ්‍ර්‍රී ලාංකීය මාධ්‍යයන් ගෙන් රජය ඉල්ලා සිටී.

The Government urges all Sri Lankan media not to publish news and videos that could harm the privacy of coronavirus patients.

මේ වන විට ශ්‍රී ලංකාව​ තුළ වාර්තා වන කොරෝනා ආසාදිත හෝ නිරෝධායනයට ලක් කරන පුද්ගලයන් පිළිබඳව ප්‍රවෘත්ති වාර්තා කිරීමේදී ඇතැම් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ මෙම පුද්ගලයන් නිරෝධායනය හෝ රෝහල් ගත කිරීම සඳහා රැගෙන යන ආකාරය , ඔවුන්ගේ නිවාස හෝ ආශ්‍රිත පරිසරය ආදී එම පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට හානි වන අන්දමේ දර්ශන විකාශනය කිරීම දිගින් දිගටම සිදුකෙරෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

එමඟින් ජනතාව නිසි ලෙස දැනුවත් කිරීමේ වැඩපිළිවෙලට ඵලදායි දායකත්වයක් නොලැබෙන බවත් සිය පෞද්ගලිකත්වයට හානි වන දර්ශන සමාජගත වීමේ අවදානම නිසා යම් පුද්ගලයින් ප්‍රතිකාර හෝ නිරෝධායනය සඳහා ඉදිරිපත් නොවීමේ අවස්ථාවද ඇති බවයි ඔවුන් පවසන්නේ.

ඒ හේතුවෙන් මින් ඉදිරියට කොරෝනා ආසාදිත බවට සැක කෙරෙන තැනැත්තන් හෝ ඔවුන්ගේ ආශ්‍රිතයන් පෞද්ගලිකත්වයට හා සමාජ අභිමානයට හානි වන අන්දමේ දර්ශන රූගත කිරීම හෝ විකාශය කිරීමට ක්‍රියා නොකරන ලෙස ශ්‍රී ලංකා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සියලු මාධ්‍යට ඉල්ලීමක් කරනවා.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »