ධනුෂ්කට ක්‍රිකට් තහනමක් – යළි ඇප අයැදුමක්

වහාම ක්‍රියාත්මක වන පරිදි ධනුෂ්ක ගුණතිලකට සියලු ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඔස්ට්‍රේලියාවේදී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා එල්ල වීමත් සමග ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගෙන ඇති බව සැලවීමත් සමඟ ඔහු සියලු ආකාර ක්‍රිකට් තරගවලින් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණය කර තිබෙනවා.

තවද, ඔහු විසින් සිදු කරන ලදැයි කියන වරද සම්බන්ධයෙන් ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය කඩිනමින් පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා අතර, ඕස්ට්‍රේලියාවේ උසාවියේ නඩුව අවසන් වූ පසු, එම ක්‍රීඩකයා වරදකරු වුවහොත් ඔහුට දඬුවම් කිරීමට පියවර ගනු ඇත.

ක්‍රීඩකයෙකු විසින් සිදුකරන එවැනි ඕනෑම හැසිරීමක් සඳහා කිසිදු ආකාරයේ මැදිහත්වීමක් සිදුනොකරන ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට ඕස්ට්‍රේලියානු නීතිය බලාත්මක කිරීමේ බලධාරීන්ට අවශ්‍ය සියලු සහාය ලබා දෙන බව  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

T20 ලෝක කුසලානය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා සංචිතයේ සිටි පිතිකරු ධනුෂ්ක ගුණතිලක ඊයේ (06) අලුයම 01ට පමණ ඔස්ට්‍රේලියා පොලීසියේ අත්අඩංගුවට පත්ව තිබුණි.

ඒ සිඩ්නි හි නැගෙනහිර රෝස් බේහි පදිංචි 29 හැවිරිදි තරුණියක් ගොනුකළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාළවය.

dating app ඔන්ලයින් යෙදවුමක් හරහා මුල්වරට තමන් ධනුෂ්ක ගුණතිලකව හදුනාගත් බවත්, පසුව රෝස් බේහි පිහිටි තම නිවසේදි ඔහු තමන්ව ලිංගික අතවරයට ලක්කළ බවටත් අදාළ තරුණිය පැමිණිල්ල ගොනු කර තිබුණි.

සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවන නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසය සඳහන් කළේ සැකකාර ධනුෂ්ක ගුණතිලක අවස්ථා කිහිපයකදී තමන්ට පහරදුන් බවටද පැමිණිලිකාරිය චෝදනා ඉදිරිපත් කර ඇති බවය.

අත්අඩංගුවට ගනු ලැබු සැකකාර ධනුෂ්ක ගුණතිලක Sydney City පොලිසිය විසින් ලිංගික අතවර චෝදනා 04ක් සම්බන්ධයෙන් ඊයේ පැරමටා පොලිස් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණද, එහිදි ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුණි.

ඒ අනුව සිඩ්නි හි රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටි ධනුෂ්ක ගුණතිලක අද දෙවන වරට Sydney City පොලීසිය විසින් ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය උසාවිය වෙත ඉදිරිපත් කෙරුණේ විඩියෝ තාක්ෂණය ඔස්සේය.

විඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණයේ පෙනී සිටි ධනුෂ්ක අළු පැහැති ටී – ෂර්ටයක් ඇඳ සිටි බවත් ඔහු අධිකරණය ඉදිරියේ සිය අනන්‍යතාවය තහවුරු කිරීමට පමණක් කතා කළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

එහි වැඩිදුරටත් දැක්වුණේ ධනුෂ්කගේ දෑතට මාංචු යොදා ඇති ආකාරයද නිරීක්ෂණය වු බවය.

ඒ අනුව ඩව්නිං සෙන්ටර් ප්‍රදේශිය උසාවියේ මහේස්ත්‍රාත් රොබට් විලියම් හමුවේ මෙම නඩුව කැඳවු අවස්ථාවේ ධනුෂ්ක වෙනුවෙන් නීතිඥ ආනන්ද අමරනාත් ඇප ඉල්ලීමක් සිදුකර ඇත.

කෙසේ වෙතත් ලිංගික අපරාධ සම්බන්ධයෙන් වන ඔස්ට්‍රේලියානු රජයේ නීති මෑතකදී දැඩි කර තිබීම සහ සැකකරු විදේශීය පුද්ගලයෙකු වීමේ පදනම යටතේ මහෙස්ත්‍රාත්වරයා විසින් ධනුෂ්කට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව ධනුෂ්ක දින 05ක කාලයක් සඳහා පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් කරා යොමු කරනු ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් ධනුෂ්ක වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මණ්ඩලය සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් යළි ඉහළ උසාවියකට ඇප අයැදුමක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවය.

රියදුරු රැකියාවට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලිතුවේනියාවේ ඌරු කොටුවල සිරවෙයි

ලිතුවේනියාවේ බර වාහන රියදුරන් ලෙස සේවය කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 106 දෙනෙකු යුරෝපයේ අතරමංවී සිටින බවට අනාවරණ වී තිබෙනවා.

Read More »

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »