එංගලන්තයට කඩුලු 04 ක ජයක් – ඔස්ටේ්‍රලියාවත් ඉවතට

පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවට එරෙහි තරගයෙන් එංගලන්තයට කඩුලු 04 ක ජයක් හිමිවෙයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 141ක් රැස් කළේය.

පැතුම් නිස්සංක අර්ධ ශතකයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ලකුණු 67ක් එක් කළේය.

ඒ අනුව තරගය ජයගැනීම සඳහා එංගලන්තයට හිමිවී තිබූ ඉලක්කය ලකුණු 142කි.

එංගලන්ත පිතිකරුවන් පන්දුවාර 19යි පන්දු 04 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 144ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය.

මේ අනුව එංගලන්තය ප්‍රසාද ලකුණු 07 ක් ලබා දළ ළකුණු ලබා ගැනීමේ වේගය අනුව පළමු කාණ්ඩයේ දෙවන ස්ථානයට පත්විය.

ඔස්ටේ්‍රලියා ක්‍රිකට් කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තුවද මේ සමගම බිඳවැටිණ.

පළමු කාණ්ඩයෙන් නවසීලන්තය සහ එංගලන්තය මේ අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනී.

2023 වසරේදී වංචා නිසා ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන 2.7ක් අහිමි වෙයි

2023 වසරේදී ඔස්ට්‍රේලියානුවන්ට වංචා හේතුවෙන් ඩොලර් බිලියන 2.7ක් අහිමි වී ඇති බව පාරිභෝගික නිරීක්ෂණ ආයතනයේ නවතම වාර්තාවක් මගින් හෙළි කර තිබෙනවා.

Read More »

මෙල්බර්න් ඇතුලු නගරවල පොදු නිවාස සංකීර්ණ කඩා දැමීමේ සැලසුමක්

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ඇතුලු විශාලතම නගරවල පිහිටි පොදු නිවාස සංකීර්ණ 44ක් කඩා දැමීමේ සැලසුමක් පවතින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

Read More »

ටයිටැනික් නැවේ ගිය ධනවත්ම පුද්ගලයාගේ ඔරලෝසුවක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ ගමන් කළ ධනවත්ම මගියාට අයත් ඔරලෝසුවක් සහ නැවේ බෑන්ඩ්මාස්ටර්ට අයත් වයලීන් බෑගයක් එංගලන්තයේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More »