කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – මුලින් පහරදෙයි

පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව මුලින් පන්දුවට පහරදෙන්න තීරණය කලා.

මෙම තරගය සිඩ්නි වේලාවෙන් රාත්‍රී 07 ට එනම් ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 01.30 ට ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගයෙන් ශ්‍රී ලංකාව ජයගතහොත් ඔස්ටේ්‍රලියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇති.

එංගලන්තය ජයගතහොත් එංගලන්තයේ සහ ඔස්ටේ්‍රලියාවේ ප්‍රසාද ළකුණු සමාන වන බැවින් දළ ළකුණු වේගය අනුව ඉදිරියෙන් පසුවන කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර එහිදී එංගලන්තයට වැඩි වාසියක් පවතින්නේ ඔවුන් දළ ළකුණු වේගය අනුව ඉදිරියෙන් පසුවීම හේතුවෙනුයි.

පළමු කාණ්ඩයෙන් නවසීලන්තය දැනටමත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා අවසන්.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »