ශ්‍රී ලංකාවට කඩුලු 06 ක ජයක්

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානයට එරෙහි තරගය කඩුලු 6කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ 3 වන ස්ථානය දක්වා ඉහලට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්විය.

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා තවදුරටත් බලාපොරොත්තු තබාගැනීමට මෙම තරගයේ ජයග්‍රහණය අත්‍යවශ්‍ය සාධකයක්විය.

මෙම තරග පරාජයත් සමඟ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ අවසන් බලාපොරොත්තුව ද ගිලිහී ගියේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 66ක් රැස්කරගැනීමට සමත්විය.

පන්දු 42කදී ගොඩනැගූ ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් ඇතුළත් විය.

කුසල් මෙන්ඩිස් ලකුණු 25ක් රැස්කළ අතර භානුක රාජපක්ෂ ලකුණු 18ක් රැස්කරගැනීමට සමත්විය.

පන්දු යැවීමේදී Mujeeb Ur Rahman සහ Rashid Khan කඩුලු 2 බැගින් දවාගත්තේය.

ඒ අනුව පන්දුවාර 18යි පන්දු 03ක් ඇතුළත කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 48ක් රැස්කරමින් තරගයේ ජය හිමිකරගැනීමට සමත්විය.

ඔස්ට්‍රේලියාවෙන් නව බබල් ටී නිෂ්පාදනයක්

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් සාම්ප්‍රදායික බබල් ටී වෙනුවට ඕට්ස් මිශ්‍රිත සෞඛ්‍ය සම්පන්න බබල් ටී නිෂ්පාදනයක් හඳුන්වා දී තිබෙනවා.

Read More »

ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »