
පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවට එරෙහි තරගයෙන් නවසීලන්තයට ළකුණු 65 ක ජයක් හිමිවෙයි.
සිඩ්නි ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්විණි.
පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – නවසීලන්ත සුපිරි 12 වටයේ තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී ළකුණු 167 ක් ලබාගත්තා.

ඒ අනුව තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට හිමිවූ ඉලක්කය ළකුණු 168 ක්.
ශ්‍රී ලංකාවට එරෙහිව ග්ලෙන් ෆිලිප්ස් ශතකයක් වාර්තා කළේය. (104)

පන්දුවාර 19යි පන්දු 02ක් අවසානයේ සියලුදෙනා දැවී ශ්‍රී ලංකාවට ලබාගත හැකිවූයේ ලකුණු 102ක් පමණි.