Search

හෂාන් ට අලුත් තනතුරක්

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක හෂාන් තිලකරත්න භාරගෙන තිබේ.

හෂාන් තිලකරත්න මීට පෙර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ සහ ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේය.

බංග්ලාදේශ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට ඔහු පත්කර තිබේ.

ඔහු ලබන සඳුදා (31 වැනිදා) පුහුණුකරු ධූරය භාරගැනීම සඳහා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතය.

හෂාන් තිලකරත්නගෙන් නව පත්වීම පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පිලේ පුහුණුකරු ධූරය සිය ක්‍රිකට් පුහුණුකරු ජීවිතයේ විශේෂ අවස්ථාවක් බවයි.

ලොව පළමු ට්‍රිලියනපතියා ගැන නවතම අනාවරණයක්

ලොව ධනවත් පුද්ගලයින්ගේ වත්කම් සම්බන්ධයෙන් යාවත්කාලීන කරන ලද නවතම වාර්තාවකට අනුව යළිත් ඊලෝන් මස්ක් අංක එකේ ලොව සුපිරි ධනවතා බවට නම් කර තිබෙනවා.

Read More »