
ට්විටර් සමාගමේ හිමිකරු බවට පත්වීමෙන් පසු එහි සේවකයන් සියයට 75 කගේ පමණ සේවය අවසන් කිරීමට ලොව අංක එකේ බිලියනපතියෙකු වන ඉලොන් මස්ක් විසින් තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා පළවනවා.
ඒ අනුව 7500 කට ආසන්න පිරිසකගේ සේවය අවසන් කිරීමට නියමිතයි.
ඉලොන් මස්ක් විසින් මේ සම්බන්ධයෙන් සෙසු කොටස් හිමියන්ටද දැනුම් දි ඇති බව සඳහන්.

කුමන අංශවල සේවකයන් මෙලෙස ඉවත් කරන්නේදැයි මේ දක්වා අනාවරණ වී නැහැ.
ඩොලර් බිලියන 44 ක මුදලකට ට්විටර් සමාජ ජාලය මිළදී ගැනීමට ඉලොන් මස්ක් පසුගිය අප්‍රේල් මාසයේදී තීරණය කරනු ලැබුවා.
