ඇඩිලේඩ් වෙළඳසැල් ඉරිදා විවෘතව තබන කාලය වැඩි කිරීමට අවසර

ඇඩිලේඩ් නගරයේ සියලු වෙළඳසැල් ඉරිදා දිනවලදී විවෘතව තබන කාලය වැඩි කිරීමට අවසර හිමිවන නව නීතියක් දකුණු ඔස්ටේ්‍රලියා පාර්ලිමේන්තුවේදී සම්මත වි තිබෙනවා.

ඒ අනුව මෙතෙක් විවෘත කිරීමට අවසර හිමිවූ පෙරවරු 11 වෙනුවට පෙරවරු 09 සිටම ව්‍යාපාරික ස්ථාන විවෘත කිරීමට අවසර හිමිවනු ඇති.

දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ දැනට පවතින නීති අනුව පෙරවරු 11 ට පෙර වෙළඳසැල් විවෘත කිරීමට අවසර හිමිවන්නේ නැහැ.

කෙසේවෙතත් පාරිභෝගිකයන්ට වැඩි අවස්ථාවක් ලබාදීම පිණිස මෙම නීති සංශෝධනය සිදුකර තිබෙනවා.

නමුත් සෙනසුරාදා සහ ඉරිදා දිනවල පස්වරු 05 වනවිට වෙළඳසැල් වසා තැබිය යුතු නීතිය අඛණ්ඩව බලාත්මක වනු ඇති.

නත්තල් උත්සවය ආසන්නවත්ම වෙළඳසැල් විවෘතව පවතින කාලසීමා දීර්ඝ කිරීමට අවසර දෙන බවයි දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය සඳහන් කලේ.

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »