නීතිවිරෝධීව ඔස්ට්‍රේලියාවට ගිය ලාංකිකයින් 183 ක් නැවත එවයි

NAVY BOAT

නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලාංකික සරණාගතයින් 183 දෙනෙකු යළි සිය රට වෙත හරවා යැවීමට පියවර ගෙන ඇති බව ඔස්ට්‍රේලියානු සමුද්‍රීය දේශසීමා ආරක්ෂක අංශ අණ දෙන නිලධාරී රියර් අද්මිරාල් ජස්ටින් ජෝන්ස් පවසයි.

නවදිල්ලි හි පැවති කලාපීය සමුළුවකට සහභාගී වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ, ඔස්ට්‍රේලියාවට පැමිණෙන නීතිවිරෝධී සංක්‍රමණික යාත්‍රා වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර එලෙස පැමිණෙන සියලුම සරණාගතයින් යළි සිය රට වෙත හරවා යැවීමට පියවර ගන්නා බවය.

ශ්‍රී ලංකාවේ සිට මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණීමට අදාළ යාත්‍රා දින 21ක පමණ කාලයක් ගත කරන බව පෙන්වාදෙන රියර් අද්මිරාල් ජස්ටින් ජෝන්ස්,

එලෙස පැමිණෙන යාත්‍රා ඉතා දුර්වල තත්ත්වයේ ඒවා බවට ද නිරීක්ෂණය වී ඇති බව සඳහන් කර තිබේ.

මෙවැනි නීතිවිරෝධී මිනිස් ජාවාරම් වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කම ද අදාළ සමුළුවේ දී ඔස්ට්‍රේලියානු සමුද්‍රීය දේශසීමා ආරක්ෂණ අණ දෙන නිලධාරී රියර් අද්මිරාල් ජස්ටින් ජෝන්ස් අවධාරණය කර තිබුණි.

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »