කාසියේ වාසිය ලංකාවට – මුලින් පහර දෙයි

පන්දුවාර 20 ලෝක කුසලානයේ නෙදර්ලන්තයට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව මුලින් පන්දුවට පහරදීමට තීරණය කරයි.

Geelong හිදී මෙල්බන් වේලාවෙන් පස්වරු 03 ට හෙවත් ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 09.30 ට එය ආරම්භ වනු ඇති.

සුපිරි 12 දෙනාගේ වටයට පිවිසීමට මෙම තරගය ජය ගැනීම කණ්ඩායම් 02 ටම වැදගත් වනවා.

මෙතෙක් සහභාගී වු තරග 02 ම ජයගත් නෙදර්ලන්තය A කාණ්ඩයේ ප්‍රසාද ළකුණු සටහනට අනුව පළමු ස්ථානයේ පසුවන අතර තරග 02 න් එකක් ජයගත් ශ්‍රී ලංකාව පසුවන්නේ 03 වන ස්ථානයේයි.

මෙම තරගය මෙන්ම අද පැවැත්වෙන අනෙක් තරගය වන නැමීබියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරගයේද ප්‍රථීඵල මත A කාණ්ඩයෙන් සුපිරි 12 වටයට සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම් 02 තෝරා ගැනීමට නියමිතයි.

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ A කාණ්ඩයේ මේ වනවිට ශ්‍රී ලංකාව තුන්වන ස්ථානයේ පසුවෙයි.

මේ දක්වා පැවති තරගවල ප්‍රතිඵල අනුව නෙදර්ලන්තය ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටී.

ඒ හේතුවෙන් සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්තය සමග පැවැත්වෙන තරගය අනිවාර්යෙන් ජයගත යුතුව ඇත.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් නැමීබියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර පැවැත්වෙන අනෙක් තරගයේ ප්‍රතිඵලය මත ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන තීරණය වනු ඇති බව විචාරක මතයයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන ඉදිරි ගමන තීරණය කිරීමට වර්ෂාව ප්‍රධාන සාධකයක් බවට පත්ව තිබේ.

මෙවැනි තත්ත්වයක් මත Geelong කාලගුණ අනාවැකිය පිළිබඳව කාලගුණවිද්‍යා කාර්යාංශය පවසන්නේ අද Geelong නගරය ආශ්‍රිතව වර්ෂාව පතිත වීමේ සම්භාවිතාව ඉතා අඩු මට්ටමක පවතින බවය.

ඒ අනුව Geelong නගරයට අද දිනයේ වර්ෂාව පතිතවීමේ සම්භාවිතාව පවතින්නේ සියයට 5ක පමණ ඉතා අඩු අගයකය.

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »