Search

ඔස්ටේ‍රලියාව පුරා potato chips හිගයක්

ඔස්ටේ‍රලියාව පුරා සුපිරි වෙළඳසැල් රැසක potato chips හිගයක් නිර්මාණය වී තිබෙනවා.

මෙම වසර පුරා අවස්ථා කිහිපයකදී ඇතිවූ ජල ගැලීම් හේතුවෙන් අර්තාපල් අස්වැන්නට හානි සිදුවීම ඊට හේතුවයි.

එමෙන්ම රුසියානු – යුක්රේන යුධමය වාතාවරණය හමුවේ ඉන්ධන ඇතුලු අනෙකුත් සැපයුම් ජාලවලට සිදුවූ බලපෑම්ද තවත් හේතුවක් බවයි වෙළඳපොළ වාර්තා පෙන්වා දෙන්නේ.

potato chips හිගය තවත් මාස කිහිපයක් පුරා පවතිනු ඇති බවටද අනාවැකි පළවනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන Aldi සහ Woolworths සඳහන් කරන්නේ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමට හැකි සෑම උත්සාහයක්ම දරන බවයි.

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »