බදු සහන නිසා ෆෙඩරල් රජයට $ බිලියන 254 ක් අහිමිවන ළකුණු

බදු කපා හැරීම් හමුවේ වසර 10 කදී මධ්‍යම රජයට අහිමිවන ආදායම ඩොලර් බිලියන 254 දක්වා ඉහළ යනු ඇති බවට තක්සේරු කර තිබෙනවා.

එය ඩොලර් බිලියන 243 ක් වනු ඇති බවට පුරෝකථනය කර තිබූ නමුත් ආර්ථික කරුණු වෙනස්වීම හමුවේ එම අගය වැඩි වනු ඇති බවයි ෆෙඩරල් භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් පවසන්නේ.

යෝජිත බදු කපා හැරීම් හමුවේ 2024 වසරේ ජූලි මාසයේ සිට වාර්ෂික ආදායම ඩොලර් 45,000 ත් 200,000 ත් අතර උපයන පුද්ගලයන් සියයට 30 ක උපරිම බදු ප්‍රතිශතයකට පමණක් යටත් කෙරෙනු ඇති.

මෙමගින් මැදි ආදායම් ලබන විශාල පිරිසකට සෙත සැළසෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

පැවති ස්කොට් මොරිසන් රජය විසින් 2018-2019 කාලසීමාවේදීයි මෙම නීති සම්මත කරගනු ලැබුවේ.

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »