ඔස්ටේ‍රලියාවේ විරැකියා අනුපාතය වෙනස් නොවේ

ඔස්ටේ‍රලියාවේ විරැකියා අනුපාතය සැප්තැම්බර් මාසයේදීත් සියයට 3.5 ක් ලෙස නොවෙනස්ව පැවති බව සංඛ්‍යාලේඛණ කාර්යාංශය පවසනවා.

පසුගිය මාසය තුළදී 9000 කට ආසන්න පිරිසක් විරැකියාභාවයට පත්ව ඇතත් ප්‍රතිශතයක් ලෙස අනුපාතය වෙනස් කිරීමට එය ප්‍රමාණවත් නොමැති බව සඳහන්.

ඒ අනුව ඔස්ටේ්‍රලියාවේ විරැකියා අනුපාතය තවදුරටත් පවතින්නේ ඉතිහාසයේ අවම අගය සටහන් කරමිනුයි.

කෙසේවෙතත් අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේදී රැකියා පැය ගණන සියයට 0.1 කින් අඩුවී ඇති බව නවතම වාර්තාවේ සඳහන්.

කොවිඩ් හුදකලා කාල සීමාව මුලුමනින්ම අහෝසි කිරීමත් සමග මෙම මාසයේදී රැකියා පැය ගණන ඉහළ යනු ඇති බවටද අපේක්ෂා කෙරෙනවා.

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »