Medibank දත්ත සොරාගත් පිරිසගෙන් අනතුරු ඇගවීමක්

අනවසරයෙන් ලබාගත් පුද්ගලික දත්ත අලෙවි කරන බවට Medibank දත්ත සොරාගත් පාර්ශවය විසින් අනතුරු අගවා තිබෙනවා.

එය සිදු නොකිරීමට කප්පම් මුදලක් ගෙවිය යුතු බවටයි ඔවුන් දන්වා ඇත්තේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් පුලුල් විමර්ශනයක් සිදුකරන ලෙස සයිබර් ආරක්ෂණ අමාත්‍ය ක්ලෙයාර් ඔනිල් විසින් Medibank ප්‍රධානීන්ට – ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසියට සහ තවත් පාර්ශව කිහිපයකට දන්වා තිබෙනවා.

අදාළ සයිබර් ප්‍රහාරකයන් Medibank වෙත දන්වා ඇත්තේ තමන් සතුව ගිගාබයිට් 200 කට ආසන්න සංවේදී දත්ත පවතින බවයි.

ප්‍රමුඛම පාරිභෝගිකයන් 1000 කගේ පුද්ගලික දත්තද ඒ අතර වන බව ඔවුන් අවධාරණය කර තිබෙනවා.

කෙසේවෙතත් පාරිභෝගිකයන්ට Medibank සහතික වී ඇත්තේ කිසිදු පුද්ගලික දත්තයක් වෙත අනවසර පිවිසීමක් සිදුවී නොමැති බැවින් බියට පත් නොවන ලෙසයි.

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »