ඔස්ටේ්‍රලියාවේ වීසා අනුමත කිරීම් කොවිඩ් වසංගතයට පෙර පැවති තත්වයට

VISA APPROVAL

ඔස්ටේ්‍රලියානු ශිෂ්‍ය වීසා සහ පුහුණූ නිපුණතා වීසා අනුමත කිරීම් කොවිඩ් වසංගතයට පෙර පැවති තත්වයටම ආසන්න වී තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තර සිසුන් සහ Skilled වීසා ලාභීන් රටට පැමිණීමද 2020 වසරේ පැවති තත්වයට ක්‍රම ක්‍රමයෙන් ළගාවෙමින් පවතින බවයි සංක්‍රමණ දෙපාර්තමේන්තු සංඛ්‍යාලේඛණ පවසන්නේ.

වසර 02 කට ආසන්න කාලයක් දේශ සීමා වසා තැබීම හමුවේ ඔස්ටේ්‍රලියාවට පැමිණෙන ජාත්‍යන්තර සිසුන්ගේ කැපී පෙනෙන අඩුවක් නිරීක්ෂණය වූ අතර ඔවුන් බ්‍රිතාන්‍යය – කැනඩාව වැනි රටවල් වෙත යොමුවීමක්ද දක්නට ලැබුණා.

විදෙස් සිසුන් හරහා ඔස්ටේ්‍රලියා ආර්ථිකයට වසරකට ලැබෙන ආදායම ඩොලර් බිලියන 40 කට ආසන්නයි.

එමෙන්ම නිපුණතා ශ්‍රමිකයන් නොපැමිණිම හේතුවෙන් රැකියා පුරප්පාඩු සම්පූර්ණ කිරිමද සැළකිය යුතු මට්ටමකින් අඩාලවයි පැවතුණේ.

මෙම කරුණු 02 ම හමුවේ ඔස්ටේ‍රලියා ආර්ථිකයට සිදුවූ බලපෑමද මේ අනුව යළිත් යථා තත්වයට පත්වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

කෙසේවෙතත් මෙල්බන් – සිඩ්නි – බ්‍රිස්බන් ඇතුලු නගර ගණනාවක නිවාස කුළී ඉහළයාම හමුවේ ඔස්ටේ්‍රලියාවට පැමිණෙන සිසුන් සැළකිය යුතු පීඩනයකට ලක්වනු ඇති බවටද අනතුරු ඇගවෙනවා.

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »