
පන්දුවාර 20 ලෝක කුසලානයේ තීරණාත්මක ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තරගය අද පැවැත්වෙනවා.
Geelong හිදී මෙල්බන් වේලාවෙන් පස්වරු 03 ට හෙවත් ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 09.30 ට එය ආරම්භ වනු ඇති.
සුපිරි 12 දෙනාගේ වටයට පිවිසීමට මෙම තරගය ජය ගැනීම කණ්ඩායම් 02 ටම වැදගත් වනවා.

මෙතෙක් සහභාගී වු තරග 02 ම ජයගත් නෙදර්ලන්තය A කාණ්ඩයේ ප්‍රසාද ළකුණු සටහනට අනුව පළමු ස්ථානයේ පසුවන අතර තරග 02 න් එකක් ජයගත් ශ්‍රී ලංකාව පසුවන්නේ 03 වන ස්ථානයේයි.
මෙම තරගය මෙන්ම අද පැවැත්වෙන අනෙක් තරගය වන නැමීබියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරගයේද ප්‍රථීඵල මත A කාණ්ඩයෙන් සුපිරි 12 වටයට සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම් 02 තෝරා ගැනීමට නියමිතයි.
