ACT ප්‍රාන්තයේ Skilled වීසා ගැන අලුත්ම තොරතුරු කිහිපයක්

2022/23 වසරට අදාළව ACT ප්‍රාන්තයේ පුහුණු නිපුණතා වීසා යාවත්කාලීන තොරතුරු කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම වසර සඳහා 190 වීසා කාණ්ඩයෙන් 800 ක කෝටාවක් සහ 491 වීසා කාණ්ඩයෙන් 1920 ක කෝටාවක් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

එයින් 190 වීසා සඳහා අනුමත කිරීම් 231 ක්ද 491 වීසා කාණ්ඩය යටතේ අනුමත කිරීම් 487 ක් ද මේ වනවිට සිදුකර අවසන් කර තිබෙනවා.

190 වීසා කාණ්ඩයෙන් තවත් අයදුම්පත් 569 ක් සඳහාත් 491 වීසා කාණ්ඩයෙන් 1433 දෙනෙකු සඳහාත් තවදුරටත් අවස්ථාව පවතිනවා.

මේ දක්වා ලැබී ඇති අයදුම්පත් අතුරින් 190 වීසා කාණ්ඩයේ අයදුම්පත් 43 ක්ද 491 වීසා කාණ්ඩයේ 131 ක්ද ප්‍රතික්ෂේප වී ඇති බවයි ACT ප්‍රාන්ත සංක්‍රමණ තොරතුරුවල දැක්වෙන්නේ.

ACT එක් එක් වෘත්තීන් සඳහා අවශ්‍ය අවම ළකුණු සංඛ්‍යා තොරතුරු මෙතැනින් : 2022-23-Invitation-Round-Rankings

ඩොලර් මිලියන ගණනක ලොතරැයි ජයක් නිසා ජයග්‍රාහිකාවට කම්පනයක්

ඩොලර් මිලියන 4.8ක ලොතරැයි ජයක් ජයග්‍රහණය කිරීමේ පුවත සැලවීමත් සමග ජයග්‍රාහී කාන්තාව කම්පනයට පත්වු පුවතක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

Read More »

ළමයින් අතර පැතිර යන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනයට රජය ගත් තීරණය

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »