
වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ගේ මානසික සෞඛ්‍ය නගා සිටුවීම වෙනුවෙන් ඩොලර් මිලියන 4.4 ක නව සහන පැකේජයක් හඳුන්වාදීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලේ පසුගිය වසංගත සමයේදී පිහිටුවනු ලැබූ මානසික සෞඛ්‍ය මධ්‍යස්ථාන 30 ක් එලෙසම පවත්වාගෙන යාමටද කටයුතු කරන බවයි.
ඒවාටද ඩොලර් මිලියන 1.5 ක අමතර ප්‍රතිපාදන සැපයීමට පියවර ගන්නා බව අගමැතිවරයා කියාසිටියා.

මේ අතර ජල ගැලීම් හමුවේ වගා හානි සිදුවූ කෘෂිකාර්මික ක්ෂේත්‍රය වෙනුවෙන් ඩොලර් මිලියන 19.5 ක මුදලක් වෙන් කිරීමටද සැළසුම් කර තිබෙනවා.
ඔහු කියා සිටියේ මාර්ග 423 ක් තවදුරටත් වසා දමා ඇති අතර පාසල් 74 ක් සහ පෙර පාසල් 59 ක්ද වසා දමා ඇති බවයි.
