ශ්‍රී ලංකාවට ළකුණු 79 ක ජයක්

පන්දුවාර 20 ලෝක කුසලානයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාවට ළකුණු 79 ක ජයක් හිමිවෙයි.

එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 152ක් රැස්කිරීමට සමත්විය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක ලකුණු 74ක් රැස්කර ගත්තේ හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් සමගිනි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි UAE කණ්ඩායමට පන්දුවාර 17 යි එක් පන්දුවකදී සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 73ක් පමණි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර කඩුලු 03 බැගින්ද මහිෂ් තීක්ෂණ කඩුලු 02 ක් ද දවාගත්තේය.

ළමයින් අතර පැතිර යන රෝගී තත්වයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කුඩා ළමයින් අතර නියුමෝනියා රෝගීන් වැඩිවී පිළිබඳ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඕස්ට්‍රේලියාවට එන්න බලාගෙන ඉන්නවා නම් මේ අවස්ථාව මගහරින්න එපා

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

Read More »

මෙල්බන් Clyde North අවට ජනතාවට දුරකථන සංඥා ගැන පොරොන්දුවක්

වසර ගණනාවක සිට දුර්වල ජංගම දුරකථන සංඥා හේතුවෙන් අපහසුතාවන්ට පත්ව සිටි මෙල්බන් අවට ජනතාවට දුරකථන කුළුණක් ස්ථාපිත කරන බවට පොරොන්දුවක් ලබාදී තිබෙනවා.

Read More »