තරගය ජයගන්න UAE ට 153 ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවට එරෙහි තරගය ජයගන්න එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ළකුණු 153 ක ඉලක්කයක් හිමිවෙයි.

සුපිරි 12 දෙනාගේ වටයට තේරීම සඳහා පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවති තරගයේ UAE කණ්ඩායමට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 152ක් රැස්කරගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා ඉනිම ඉහළට ඔසවා තබමනි අගනා ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක වේගවත් ලකුණු 74ක් රැස්කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමට UAE ක්‍රීඩක මෙයියප්පන් සමත් විය.

මෙයියප්පන් මෙම තරගයේ යොමුකළ තුන්වන පන්දු වාරයේ අවසන් පන්දු 3දී මෙලෙස කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමට සමත්විය.

ඒ අනුව ඔහුගේ පන්දු යැවීම හමුවේ දැවී ගිය ක්‍රීඩකයන් වන්නේ භානුක රාජපක්ෂ, චරිත් අසලංක සහ දසුන් ශානකයි.

ගංජා වගාව සහ නිෂ්පාදනය ගැන ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයකින් පාඨමාලාවක්

ඔස්ට්‍රේලියාවේ ඖෂධීය ගංජා වගාව සහ නිෂ්පාදනය පිළිබඳ ජාතික වශයෙන් අධ්‍යාපන පාඨමාලාවක් බැලරට් විශ්ව විද්‍යාලය මගින් ආරම්භ කර තිබෙනවා.

Read More »

ආහාර සොයා කසල බඳුන් පීරන ඔස්ට්‍රේලියානුවෝ

ආහාර සොයා පුන්‍යායතන වෙත පැමිණෙන ඔස්ට්‍රේලියානුවන් අතුරින් වැඩි පිරිසක් ආහාර සොයා ගැනීම සඳහා කසල බඳුන් වෙත ප්‍රවේශ වන බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »

සිඩිනිවලින් සුඛෝපභෝගී නිවසක් මිලදී ගන්න අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ මෙතෙක් අලෙවි වූ මිල අධිකම නිවස සඳහා වන වාර්තාව බිඳ දැමීමට සිව්මහල් සුඛෝපභෝගී මන්දිරයක් අලෙවියට සුදානම් කෙරෙමින් පවතිනවා.

Read More »

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »