
ඇතැම් ඔස්ටේ්‍රලියානු වීසා බලපත් ලබාගැනීමට අවශ්‍ය සෞඛ්‍ය පරීක්ෂණ ඉක්මණින් කරගත හැකි ක්‍රමයක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් හඳුන්වාදී තිබෙනවා.
ඒ අනුව ImmiAccount හි My Health Declarations සේවාව භාවිත කිරීමට අවස්ථාව පවතිනවා.
අයදුම්කරන වීසා බලපත්‍රයේ ස්වභාවය අනුව සෞඛ්‍ය පරීක්ෂණයේ අවශ්‍යතා වෙනස් වන බවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ.

කෙසේවෙතත් සෞඛ්‍ය පරීක්‍ෂණයට කල්තියා මුහුණ දුනහොත් වීසා බලපත්‍රය ලැබීම වේගවත් වනු ඇතැයිද ස්වදේශ දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
ස්ථිර හෝ තාවකාලික වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කරන්නේ නම් ප්‍රධාන අයදුම්කරු මෙන්ම අයදුම්පතට සම්බන්ධ පවුලේ අනෙකුත් සාමාජිකයන් ද සෞඛ්‍ය පරීක්ෂණයකට මුහුණ දිය යුතු වනවා.

එමෙන්ම පෝලියෝ හෝ ඉබෝලා වැනි මහජන සෞඛ්‍ය ගැටළු ඇති රටක සිට පැමිණෙන්නේ නම් තවත් සෞඛ්‍ය පරීක්ෂණ සිදු කිරීමට ද සිදුවිය හැකියි.