Search

The Star බලපත්‍රය අහෝසියි – $ මිලියන 100 ක දඩයක්

නිවු සවුත් වේල්ස් The Star කැසිනෝ මධ්‍යස්ථානයට ඩොලර් මිලියන 100 ක් දඩ මුදලක් පණවා ඔවුන්ගේ බලපත්‍රය අහෝසි කර තිබෙනවා.

ලබන සිකුරාදා පෙරවරු 09 සිට මෙම තහණම බලාත්මක වන බවයි ඒ වෙනුවෙන් පත් කෙරුණු ස්වාධීන කොමිසම සඳහන් කලේ.

සංවිධානාත්මක අපරාධ – සේවක අක්‍රමිකතා ඇතුලු චෝදනා රැසක් සම්බන්ධයෙන් ලැබී තිබූ පැමිණිලි සැළකිල්ලට ගෙනයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් මෙම කොමිසම පත් කරනු ලැබුවේ.

නව බලපත්‍රයක් ඉල්ලා සිටියහොත් කොන්දේසිවලට යටත්ව එය නිකුත් කිරීමට හැකිවනු ඇති බවත් ප්‍රාන්ත රජය නිවේදනය කලා.

මෙම තහණම හරහා The Star සේවකයන් කිසිවෙකුගේ රැකියා අහිමි නොවිය යුතු බවටද ස්වාධීන කොමිසම විසින් නියෝගයක් පණවා තිබෙනවා.

හානිකර ඇල්ගී නිසා සංචාරකයින්ට උපදෙස්

දකුණු ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයේ විවිද ස්තාන වල හානිකර ඇල්ගී පිපීම සංචාරකයින්ට කනස්සල්ලට හේතු වී තිබෙනවා. Port River ඇතුළු වෙරළ තීරයේ ප්‍රදේශ කිහිපයක අනාවරණය වී ඇති

Read More »

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »