වික්ටෝරියා ජලගැලීම් හානි වෙනුවෙන් $ මිලියන 315 ක්

ජල ගැලීම් තත්වය පහව ගිය වහා සිදුකල යුතු පළමු කාර්යය වන්නේ හානි සිදුවී ඇති මාර්ග යථා තත්වයට පත් කිරීම බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පවසනවා.

ඊට අදාළ මූලික කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවයි මෙල්බන් නුවර අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කලේ.

මේ සඳහා වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ඩොලර් මිලියන 165 ක මුදලක් වෙන් කර ඇති බවත් ඩැනියල් ඇන්ඩෲස් කියාසිටියා.

ජල ගැලීම් හමුවේ ගොඩගැසී ඇති සුන්බුන් ඉවත් කිරීම සහ පිරිසිදු කිරීම් කටයුතු වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 150 ක මුදලක් යෙදවීමට පියවර ගන්නා බවත් අගමැතිවරයා අනාවරණය කලා.

සහන වෙනුවෙන් ස්ථාපිත කෙරුණු මධ්‍යස්ථාන 13 අඛණ්ඩව ක්‍රියාත්මක බව ඩැනියල් ඇන්ඩෲස් ප්‍රකාශ කලා.

දැනට වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ග 359 ක් – පාසල් 71 ක් සහ පූර්ව ළමා විය අධ්‍යාපන මධ්‍යස්ථාන 100 ක් වසා දමා තිබෙනවා.

නිවාස 1860 කට විදුලිය සැපයීම අඩාලව පවතින බව සඳහන්.

ජල ගැලීම් සහ අයහපත් කාළගුණය හමුවේ වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට ලබාදෙන හදිසි ආධාර වෙනුවෙන් අයදුම්පත් 11,061 ක් මේ වනවිට ලැබී ඇති බවද අගමැති ඩැනියල් ඇන්ඩෲස් කියාසිටියා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »