
නත්තල් සමය වෙනුවෙන් ජාත්‍යන්තර පාර්සල් බෙදා හැරීම සඳහා භාරගන්නා අවසාන දින Australia Post විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව බොහෝ පාර්සල් සහ කාඩ්පත් භාරගන්නා අවසාන දිනය නොවැම්බර් 14 ලෙසයි නම් කර ඇත්තේ.
කෙසේවෙතත් International Express ක්‍රමය යටතේ අමෙරිකාව – මහා බ්‍රිතාන්‍යය – නවසීලන්තය සහ කැනඩාව වෙත යොමු කරන පාර්සල් දෙසැම්බර් 09 වනදා දක්වා භාර ගැනීමට නියමිතයි.

මෙවර නත්තල් සමයේදී බෙදා හැරෙන පාර්සල් සහ ලිපි ප්‍රමාණය පසුගිය වසරට වඩා වැඩිවිය හැකි බැවින් හැකි ඉක්මණින් ඒවා භාර දෙන්නැයිද Australia Post විසින් ඉල්ලා සිටිනවා.
නත්තල් දිනයට පෙර පාර්සල් හා කාඩ්පත් බෙදා හැරීම සඳහා එක් එක් රටවලට අදාළ කඩඉම් දින මෙතැනින් – https://auspost.com.au/
