කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරුන්ට ගැටලු රැසක්

හුදකලා කාල සීමාව සම්පූර්ණයෙන්ම අවසන් කිරීමත් සමග කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී තමන් ගැටලු කිහිපයකට මුහුණදෙන බව ඔස්ටේ්‍රලියාවේ වෛද්‍යවරුන් රැසක් පවසා තිබෙනවා.

විශේෂයෙන් Long Covid හෙවත් දීර්ඝ කාලීන කොවිඩ් තත්වයට මුහුණ දී සිටින රෝගීන්ට ප්‍රතිකාර කල යුතු ආකාරය පිළිබඳව රජයෙන් හෝ සෞඛ්‍ය අංශ වෙතින් මෙතෙක් නිසි පැහැදිලි කිරීමක් ලැබී නොමැති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

Long Covid තත්වය ලෙස සැළකෙන්නේ මාස 03 – 04 ක් වැනි දීර්ඝ කාලයක් පුරා සුව නොවී පවතින කොවිඩ් රෝගී තත්වයයි.

ඔවුන්ට විශේෂ ප්‍රතිකාර ක්‍රම අත්‍යවශ්‍ය නමුත් රජය විසින් මෙතෙක් නිසි පැහැදිලි කිරීමක් ලබාදී නැතැයි වෛද්‍යවරුන් අවධාරණය කරනවා.

පසුගිය සිකුරාදා සිට ඔස්ටේ්‍රලියාව තුළ කොවිඩ් රෝගීන්ට හුදකලා කාල සීමාවක් බලාත්මක වන්නේ නැහැ.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »