ක්වීන්ස්ලන්ඩ් ජනතාව සති 02 ක් ජල ගාස්තුවෙන් නිදහස්

ජල ගැලීම් තත්වයක් වළක්වාගැනීම සඳහා ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ විශාලම වේල්ල වාං දැමීම ආරම්භ කර තිබෙනවා.

ජලය මෙගා ලීටර් 116,000 ක් ඒ යටතේ මුදා හැරීමට නියමිතවයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය නිවේදනය කලේ.

දැනට වේල්ලේ සියයට 90 ක් පමණ ජලය පිරී ඇති අතර එය සියයට 80 දක්වා අඩු කිරීම මෙහි සැළසුම වී තිබෙනවා.

මේ අතර ඉදිරි සති 02 සඳහා ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවාසීන්ගෙන් ජල බිල්පත් ගාස්තු අය නොකිරීමටද ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඩොලර් 55 ක පමණ මුදලක් ඔවුන්ට ඉතිරිවනු ඇති.

Brisbane, Redlands, Logan, Gold and Sunshine Coast, Noosa, Ipswich, Lockyer Valley, Somerset, Scenic Rim and Moreton Bay ප්‍රදේශවල ජනතාව ලක්ෂ 14 කට පමණ එම වරප්‍රසාදය උදාවනවා.

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »