
Woolworths විසින් පවත්වාගෙන යන MyDeal වෙබ් අඩවියේ ලියාපදිංචි වී සිටි පාරිභෝගිකයන් ලක්ෂ 22 කගේ පමණ පුද්ගලික දත්ත පැහැර ගැනීමකට ලක්වී තිබෙනවා.
ඔවුන් සියලු දෙනා ඊ-මේල් හරහා දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවයි Woolworths නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.
පාරිභෝගිකයන්ගේ නම් – ඊ මේල් ලිපින – දුරකථන අංක – ලිපින සහ උපන්දින තොරතුරු මෙලෙස සොරාගැනීමට ලක්ව ඇති බවයි පැවසෙන්නේ.

කෙසේවෙතත් පාරිභෝගිකයන් ලක්ෂ 12 කගේ පමණ සොරා ගැනීමට ලක්ව ඇත්තේ ඊ-මේල් ලිපින පමණක් බවටද අනාවරණ වී තිබෙනවා.
කිසිදු පාරිභෝගිකයෙකුගේ විදේශ ගමන් බලපත් අංක – රියදුරු බලපත් අංක හෝ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් අංක සඳහා මෙහිදී බලපෑමක් නොමැති බවයි Woolworths අවධාරණය කරන්නේ.
