ඔප්ටස් පරිශීලකයන්ට Passport එක ගැන විශේෂ නිවේදනයක්

පුද්ගලික දත්ත සොරාගැනීමට ලක්වූ පාරිභෝගිකයන්ට නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කිරීම අවශ්‍ය නොවන බවට ඔප්ටස් සමාගම විසින් දැනුම් දී තිබෙනවා.

ගමන් බලපත්‍ර අංක සියල්ල ආරක්ෂිත බව තහවුරු කර ඇති බැවින් කිසිදු බියකින් තොරව ගුවන් ගමන්වල නිරතවන ලෙසයි සමාගම විසින් සිය පරිශීලකයන්ට දන්වා ඇත්තේ.

සති 02 කට පමණ ඉහතදි සිදුවු ඔප්ටස් දත්ත වංචාවේදී ගුවන් ගමන් බලපත් අංක – රියදුරු බලපත් අංක සහ කාඩ්පත් අංක සොරා ගැනීමට ලක්වූ බවටයි පළමුවෙන් වාර්තා පළවුයේ.

ඒ අනුව නව ගමන් බලපත්‍රයක් ගැනීමට එක් අයෙකුට දැරීමට සිදුවන පිරිවැය වන ඩොලර් 300 ක මුදල ගෙවීමට පවා ඔප්ටස් සමාගම විසින් එකග වී තිබුණා.

කෙසේවෙතත් ඔප්ටස් සමාගම ඊයේ සිය පරිශීලකයන්ට දන්වා ඇත්තේ දැනට භාවිත කරන ගමන් බලපත්‍රයම තවදුරටත් භාවිත කිරීමේ කිසිදු බාධාවක් නොමැති බවයි.

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »