Search

Medibank සෞඛ්‍ය රක්ෂණය ගෙන ඇති ජාත්‍යන්තර සිසුන්ට විශේෂ දැනුම්දීමක්

ඔස්ටේ්‍රලියාවේ ප්‍රධානතම සෞඛ්‍ය රක්ෂණ සමාගමක් වන මෙඩිබෑන්ක් වෙතද සයිබර් බලපෑමක් එල්ල වී තිබෙනවා.

කෙසේවෙතත් මෙමගින් කිසිදු දත්ත සොරාගැනීමක් වාර්තා වී නොමැති බවයි ඔවුන් අවධාරණය කර සිටින්නේ.

ඊයේ දිනයේදී සිය මෙහෙයුම් පද්ධතියේ කිසියම් අසාමාන්‍ය ක්‍රියාකාරකමක් නිරීක්ෂණය වූ බවත් ඒ අනුව වහා ආරක්ෂිත පියවරක් ගත් බවත් ඔවුන් කියාසිටියා.

ආරක්ෂිත පියවරක් ලෙස ගණුදෙනුකරුවන් සම්බන්ධ වන පද්ධති කිහිපයක් තාවකාලිකව අක්‍රීය කිරීමට මෙඩි බෑන්ක් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව AHM සහ  international student policy management මේ වනවිට අක්‍රීය කර තිබෙනවා.

ජාත්‍යන්තර සිසුන්ට මේ අනුව සිය සෞඛ්‍යාරක්ෂණ පද්ධතියට ඔන්ලයින් ක්‍රමයට පිවිසීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.

කිසිදු දත්තයක් හෝ පුද්ගලික තොරතුරු සොරාගැනීමකට ලක්ව නොමැති බවත් අවශ්‍ය ඕනෑම විමසීමක් සිය පාරිභෝගික මධ්‍යස්ථානයෙන් ලබාගත හැකි බවත් මෙඩිබෑන්ක් කියාසිටියා.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »