ඔස්ටේ්‍රලියානුවන් බහුතරයක් පැය 40 ක් වැඩ නොකරන බව හෙළිවෙයි

ඔස්ටේ්‍රලියානුවන් අතුරින් සතියකට පැය 40 ක් හෝ ඊට වැඩියෙන් රැකියා කරන ප්‍රතිශතය සියයට 38 ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

කෙසේවෙතත් දශකයකට පෙර එනම් 2011 වසරේදී එය සියයට 83 ක් වැනි ඉහළ අගයක පැවති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කර ඇති නවතම වාර්තාවක දැක්වෙන්නේ.

ප්‍රාන්ත වශයෙන් සැළකීමේදී සතියකට පැය 40 ඉක්මවා සේවය කරන වැඩිම පිරිසක් වාර්තා වන්නේ සහ බටහිර ඔස්ටේ්‍රලියාවෙන් වන අතර අඩුම පිරිසක් සටහන් වන්නේ ටස්මේනියාවෙනුයි.

ලක්ෂ 70 කට අධික පිරිසක් පූර්ණකාලීනවද ලක්ෂ 40 කට අධික පිරිසක් අර්ධ කාලීනවද රැකියාවල නිරත වන බවයි අනාවරණ වී ඇත්තේ.

කෘෂිකර්මාන්තයේ නිරත වන්නන් – විදුහල්පතිවරුන් – ශල්‍ය වෛද්‍යවරුන් – පතල් කර්මාන්තයේ නිරතවන්නන් සතියකට පැය 50 කට ආසන්න කාලයක් සේවයේ නිරත වුවද ආහාර සේවා සහ සිල්ලර වෙළඳාම් වැනි අංශවල සේවකයන් නිරත වන්නේ පැය 38 ක් වැනි සේවා කාලයක් බව සඳහන්.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »