බටහිර ඔස්ටේ්‍රලියා හෙදියන් 10% ක වැටුප් වැඩිවීමක් ඉල්ලයි

වාර්ෂිකව සියයට 10 ක වැටුප් වැඩිවීමක් හිමිවිය යුතු බවට බටහිර ඔස්ටේ්‍රලියා හෙදියන් විසින් යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා.

එය නිසි පරිදි ඉටු නොවුණහොත් ඉදිරි සති 05 තුළදී දැවැන්ත වර්ජනයක් සැළසුම් කරන බවටයි ඔවුන් අනතුරු අගවා සිටින්නේ.

වැටුප් වැඩිවීමට අමතරව උද්ධමන දිමනාවක් සහ ඩොලර් 5400 ක ජීවන වියදම් දීමනාවක්ද අවශ්‍ය බව මෙහිදී සම්මත වූ යෝජනාවට ඇතුළත්.

පර්ත් නුවරට රැස්වූ හෙදියන් 2000 කට ආසන්න පිරිසක් මෙම යෝජනාව සම්මත කරගෙන තිබෙනවා.

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය දැනට එකග වී ඇත්තේ සියයට 03 ක වැටුප් වැඩිවීමක් ලබාදීමටයි.

කෙසේවෙතත් බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත අගමැති මාර්ක් මැක්ගෝවන් සඳහන් කලේ හෙදියන්ට වර්ජනයේ නිරතවීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැති බවයි.

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »