ලංකාව අද සටනට බසී – ධනංජය රහසක් හෙළිකරයි

පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන පළමු පුහුණු තරගය අද පැවැත්වෙනවා.

මෙල්බන් වේලාවෙන් පස්වරු 02.30 ට සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව මෙල්බන් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී එය ආරම්භ වනු ඇති.

මේ අතර පන්දුවාර 20 ලෝක කුසලානයේදී දග පන්දු යවන්නන් කෙරෙහි වැඩි බලාපොරොත්තුවක් තබන බව ශ්‍රී ලංකා ක්‍රීඩක ධනංජය ද සිල්වා පවසනවා.

ඔස්ටේ්‍රලියානු තණතිලිවල ස්වභාවය ඊට ප්‍රධාන හේතුව බවයි ඔහු කියාසිටියේ.

ඔස්ටේ්‍රලියාවේ දේශගුණයට හුරුවෙමින් පවතින බවත් ලබන ඉරිදා පැවැත්වෙන නැමීබියාවට එරෙහි තරගයට සාර්ථකව මුහුණුදීමට සමස්ත කණ්ඩායම හොඳ සුදානමකින් පසුවන බවත් ධනංජය ද සිල්වා Ausලංකා TV සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කලා.

ආසියානු කුසලාන ජයග්‍රහණයෙන් ලද පිටිවහල මෙම තරගාවලියේ ඉදිරියට යාමට ඉවහල් වනු ඇති බවත් ධනංජය ද සිල්වා කියාසිටියා.

පන්දුවාර 20 ලෝක කුසලාන තරග නැරඹීම සඳහා ඔස්ටේ්‍රලියාවේ වාසය කරන ලාංකිකයන් විශාල පිරිසක් පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔවුන්ගේ සහය අපේක්ෂා කරන බවද ධනංජය ද සිල්වා Ausලංකා TV සමග වැඩිදුරටත් ප්‍රකාශ කලා.

ධනංජය ද සිල්වා සමග Ausලංකා TV පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව පහතින් :

https://www.facebook.com/auslankatvpage/posts/pfbid02SZtBxYmDEFcp7RebjbvvAiHh4iPZxwjp7JioWacb4C9QfLrfQ3TZcdKpZxAKGaWul

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »