වැඩිම සේවක හිගයක් ඇති රැකියා 10 හි පුරප්පාඩු ගණන එළිදකී

ඔස්ටේ්‍රලියාවේ වැඩිම සේවක හිගයක් ඇති රැකියා 10 සඳහා වන පුරප්පාඩු සංඛ්‍යා ජාතික නිපුණතා කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ලියාපදිංචි හෙදියන් 9,226 කට – මෘදුකාංග හා ඇප්ලිකේෂන නිර්මාපකයන් 7,841 කට – aged සහ disability සේවකයන් 5,101 කට මෙන්ම ඉදිකිරීම් කළමණාකරුවන් 4,984 කට පුරප්පාඩු පවතිනවා.

Child care සේවකයන් 4,549 කට – මෝටර් තාක්ෂණ ශිල්පීන් 4,316 කට සහ සිල්ලර කළමණාකරුවන් 4,244 කට මෙන්ම සූපවේදින් 4,141 දෙනෙකුටද දැනට ඔස්ටේ්‍රලියාව තුළ රැකියා පුරප්පාඩු ඇති බවයි ජාතික නිපුණතා කොමිසම සඳහන් කලේ.

තොරතුරු තාක්ෂණ විශ්ලේෂකයන් 3,830 කගේ සහ වෑද්දුම් ශිල්පීන් 3,565 කගේ හිගයක්ද දැනට පවතින බව සඳහන්.

2021 වසරට වඩා මෙම වසරේදී වැඩිම සේවක හිගයක් නිර්මාණය වී ඇති ක්ෂේත්‍රය බවට සෞඛ්‍ය ක්ෂේත්‍රය පත්වී ඇති අතර ප්‍රතිශතයක් ලෙස එම වැඩිවීම සියයට 47 ක්.

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »