අද දිනයේ වැසි තත්වයේ තරමක අඩුවක් පැවතියද ඉදිරි දින 04 තුළදී යළිත් ධාරාණිපාත වැසි ඇතිවිය හැකි බවට නිවු සවුත් වේල්ස් ප්රාන්තවාසීන්ට අනතුරු ඇගවිමක් සිදුකර තිබෙනවා.
එබැවින් රිය ධාවනයේදී තවදුරටත් විමසිලිමත් වන ලෙසයි ආපදා සහන අංශ විසින් රියදුරන්ට උපදෙස් දී ඇත්තේ.
මේ වනවිට නිවු සවුත් වේල්ස් හි වේලි රැසක් පිටාර දමමින් පවතින අතර ඒ ආසන්න ජනතාවට අවධානයෙන් පසුවන ලෙසටත් දන්වා තිබෙනවා.
ඊයේ රාත්රිය පුරා ගලවා ගැනීමේ මෙහෙයුම් 343 ක් සිදුකර ඇති බව සඳහන්.