මේ වසරේ විදේශ රැකියා සඳහා ලියාපදිංචි වීම ලක්ෂ 02 ඉක්මවයි

විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිකුත් කොට ඇති දත්ත පෙන්වා දෙන්නේ 2022 වසරේ ජනවාරි සිට ජුලි දක්වා පමණක් පුද්ගලයින් 224,915 ක් විදේශ රැකියා සඳහා ලියාපදිංචි වී ඇති බවයි.

එය පසුගිය වසර කිහිපය සහ සැසදීමේදී සැළකිය යුතු ලෙස ඉහළ යාමකි.

විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානයක්කාර විසින් කෙසේ වෙතත් පසුගිය සැප්තැම්බර් 30 වන දින නිකුත් කළ ටිවිට්ර් පණිවිඩයක දැක්වුණේ එම ප්‍රමාණය තවදුරටත් 233,756 දක්වා වැඩි වී ඇති බවයි.

ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ තම දෙපාර්තමේන්තුව විසින් මේ වන විට මසකට සාමාන්‍යයෙන් විදේශ ගමන් බලපත්‍ර 84,000 ක් පමණ නිකුත් කරන බවයි.

ඒ අනුව මේ වසරේ ජනවාරි සිට ජුලි දක්වා නිකුත් කොට ඇති ගමන් බලපත්‍ර සංඛ්‍යාව 590,260 කි.

මේ සම්බන්ධව අප කළ විමසීමකදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක සහ මාධ්‍ය ප්‍රකාශක පියුමි බණ්ඩාර කියා සිටියේ “ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව අදාළ දිනට ලැබී ඇති අයදුම්පත් සියල්ලම ලබා ගනිමින් කාර්යාල වේලාවෙන් පසුවත් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ක්‍රියා කරනවා.” යනුවෙනි.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »