බදු කපාහැරීම ගැන අගමැතිගෙන් විශේෂ දැනුම්දීමක්

බදු කපා හරින බවට මැතිවරණ සමයේ දුන් පොරොන්දුවේ කිසිදු වෙනසක් නැතැයි අගමැති ඇන්තනී ඇල්බනීස් අවධාරණය කරනවා.

පසුගිය ලිබරල් සන්ධාන රජය එවක සම්මත කල නීති අනුව 2024 වසරේ සිට එම නීති බලාත්මක වීමට නියමිතයි.

කෙසේවෙතත් පවතින ආර්ථික අවපාතයන් හමුවේ ලබන 25 වනදා ඉදිරිපත් කිරීමට නියමිත ෆෙඩරල් අයවැයේදී මෙම බදු සහන ඉවත් කෙරෙනු ඇති බවටයි වාර්තා පළවූයේ.

ඉදිරි වසර 10 තුළදී රජයට ඩොලර් බිලියන 240 ක ආදායමක් උපයා ගැනීම එහි අරමුණ බවද වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.

එහෙත් ඩොලර් 45,000 ත් ලක්ෂ 02 ත් අතර උපයන ඔස්ටේ්‍රලියානුවන්ගෙන්ද සියයට 30 ක බද්ද අය කිරීම හැර වෙනත් කිසිදු යෝජනාවක් ක්‍රියාත්මක නොකරන බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත අවධාරණය කරනවා.

උද්ධමනය ඉහළයාම හමුවේ මැතිවරණ පොරොන්දුව පසෙකලා බදු සහන නොදෙන ලෙස ආර්ථික විද්‍යාඥයන් විසින් පසුගියදා රජයට දන්වා ඇති බවටයි වැඩිදුරටත් වාර්තා පළවුයේ.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »