
මුහුදු මාර්ගයෙන් ලැබෙන භාණ්ඩ (sea mail) බෙදා හැරීම අත්හිටුවීමට Australia Post තීරණය කර තිබෙනවා.
තහනම් භාණ්ඩ ගණනාවක් ඔස්ටේ්‍රලියානු භූම්යට ඇතුලුවීම වළක්වාලීම සඳහායි මෙම තීරණය ගෙන ඇත්තේ.
එළඹෙන නත්තල් සමය ඉලක්ක කර බෙදා හැරීමට භාණ්ඩ විශාල ප්‍රමාණයක් ලැබිය හැකි බැවින් ඒවායෙහි ගොඩ ගැසීම අඩුවිමටද මෙම තීරණය හරහා අවස්ථාව උදාවනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

ගුවන් භාණ්ඩ වලට වඩා මුහුදු භාණ්ඩ බෙදා හැරීමට කල්ගතවන නමුත් එහි වියදම සාපේක්ෂව අඩුවීමත් විශාල භාණ්ඩ යොමුකල හැකිවීමත් ප්‍රධාන වාසි අතර වනවා.
sea mail සේවාව යළි ආර්ම්භ කරන දිනයක් මේ දක්වා තීරණය කර නැතැයි Australia Post නිවේදනය කලා.
