දත්ත සොරාගැනීමටම නිර්මාණය කල Apps 400 ක් හඳුනාගනී

සමාජ මාධ්‍ය ගිණුම්වල පුද්ගලික දත්ත සොරාගැනීම සඳහා පමණක්ම නිර්මාණය කරන ලද ඇප්ලිකේෂන 400 කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇතැයි ෆේස්බුක් අයත් මෙටා සමාගම පවසනවා.

ඇපල් සහ ඇන්ඩ්‍රොයිඩ් යන උපාංග දෙවර්ගයටම අදාළ වන පරිදි එම ඇප්ලිකේෂන නිර්මාණය කර ඇති බවටයි හඳුනාගෙන ඇත්තේ.

ඒවා අතුරින් බහුතරයක් ඡායාරූප සංස්කරණ (photo editor) සහ ජංගම දුරකථන ක්‍රීඩා ආකාරයෙන් ක්‍රියාත්මක වුවද සැබෑ ලෙසම සිදුවන්නේ සමාජ මාධ්‍ය ගිණුම්වල පුද්ගලික දත්ත සොරාගැනීම බව මෙටා සමාගම විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

මෙම ඇප්ලිකේෂන වහා අවහිර කරන ලෙස ඇපල් සහ ගූගල් සමාගම්වලට දැනුමී දී ඇති බවයි මෙටා සමාගම කියාසිටියේ.

කෙසේවෙතත් දැනටමත් ලොව පුරා කොපමණ පිරිසක් මෙම ඇප්ලිකේෂන මේ වනවිටත් බාගත කරගෙන ඇතිදැයි නිශ්චිතව ප්‍රකාශ කල නොහැකි බවත් මෙටා සමාගම සඳහන් කරනවා.

ෆේස්බුක් මව් සමාගම විසින් මෙම බරපතල අනතුරු ඇගවීම සිදුකරනු ලබන්නේ ඔස්ටේ්‍රලියාවේ ඔප්ටස් සමාගමේ පාරිභෝගිකයන් ලක්ෂ 10 ක් පමණ දැවැන්ත සයිබර් ප්‍රහාරයක වින්දිතයන් බවට පත්ව ඇති වාතාවරණයකදී වීමද විශේෂත්වයක්.

උණ රෝගීන් වාර්තා වීම ඉහළ යාම නිසා ජනතාවට විශේෂ දැනුම්දීමක්

ඉන්ෆ්ලුවෙන්සා උණ ආසාදිතයන් වාර්තා වීම ඉහළ යමින් පවතින බැවින් රෝගයෙන් ආරක්ෂා වන ලෙස නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

Read More »

සිඩ්නි ඔලිම්පික් උද්‍යානයේ ගින්නක් නිසා 2500 කට වැඩි පිරිසක් ඉවත් කෙරේ

සිඩ්නි ඔලිම්පික් උද්‍යාන ජල මධ්‍යස්ථානයේ සූර්ය පැනල ගිනි ගැනීම හේතුවෙන් 2500කට අධික පිරිසක් එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »