ඔස්ටේ්‍රලියාවේ කතුන් පඩි නොමැතිව වැඩ කිරීම ඉහළට

ඔස්ටේ්‍රලියාව තුළ පුරුෂයන්ට සාපේක්ෂව කාන්තාවන් වැටුප් නොමැතිව විවිධ සේවාවල නිරතවීම ඉහළ ගොස් ඇතැයි අනාවරණ වී තිබෙනවා.

ගෘහ සේවය – child care – adult care සහ විවිධ ස්වේච්ඡා කටයුතු ඒ අතර වන බවයි සංඛ්‍යාලේඛන කාර්යාංශය නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.

වැටුප් ලැබෙන රැකියාවක් නොකරන ගෘහණියක සාමාන්‍ය දිනකදී පැය 04 යි විනාඩි 31 ක කාලයක් කිසිදු ගෙවීමක් නොලබන රාජකාරි සිදුකරන බවද වැටුප් ලැබෙන රැකියාවක් නොකරන පිරිමියෙකු සැළකීමේදී එය පැය 03 යි විනාඩි 12 ක් බවද අනාවරණ වී තිබෙනවා.

වැටුප් ලබන රැකියාවක් කරන පිරිමි අයෙකු දිනකට පැය 08 යි විනාඩි 13 ක කාලයක්ද කාන්තාවක දිනකට පැය 07 යි විනාඩි 12 ක් ද ලෙස රාජකාරි සිදුකරන බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය පවසන්නේ.

ඔස්ටේ්‍රලියානුවන්ගෙන් වැඩි පිරිසක් නිවසේ සිටියදී විවේක කාලය ගත කිරීම සඳහා වැඩිම කාලයක් ගතකරනුයේ රූපවාහිනිය නැරඹීමට බවයි තවදුරටත් හෙළිවී ඇත්තේ.

T20 තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පළමු තැන වනිඳු හසරංගට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම T20 තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා T20 නායක වනිඳු හසරංග සමත්වී තිබෙනවා.

Read More »

බලශක්ති බිල්පත් සහනය ගැන රජයට ප්‍රශ්නයක්

ෆෙඩරල් අයවැයෙන් ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබූ බලශක්ති බිල්පත් සහනය එක් නිවසකට වඩා වැඩියෙන් ඇති පුද්ගලයන්ට ද අදාළ වන්නේ ද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුවී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස ගැටලු ගැන අලුත් අනාවරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් කුලී නිවාස අවම ප්‍රමිතීන්වත් සපුරා ගැනීමට නොහැකි ව ඇති බව කුලී නිවාස ඉලක්ක කර ගනිමින් සිදු කළ රහසිගත සමීක්ෂණයක දි හෙළිව තිබෙනවා.

Read More »

සිසුවියන්ට අසැබි වදන් කියූ මෙල්බන්හි පාසල් සිසුන් පිරිසක් ගැන තීරණයක් ගනී

මෙල්බන්හි තවත් පාසැලක සිසුවියන්ට අසභ්‍ය වචන සහිත අන්වර්ථ නාම භාවිත කර අපහස කිරීමට සම්බන්ධ සිසුන් පිරිසක් සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »