ඔස්ටේ්‍රලියාවේ විශාලම සාප්පු සංකීර්ණයට කරන්න යන දේ

ඔස්ටේ්‍රලියාවේ විශාලම සාප්පු සංකීර්ණය වන මෙල්බන් Chadstone හි පිහිටා ඇති සාප්පු සංකීර්ණය තවත් පුලුල් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඩොලර් මිලියන 485 ක වියදමින් ඊට නව ගොඩනැගිල්ලක් ඉදි කිරීමටයි නියමිතව ඇත්තේ.

මේ යටතේ අලුතින් වෙළඳසැල් 50 ක් ඇතුළත් කිරීමටත් වර්ග මීටර් 20,000 ක වර්ග ප්‍රමාණයකින් සමන්විත නව කාර්යාල සංකීර්ණයක් ස්ථාපිත කිරීමටත් පියවර ගැනෙනු ඇති.

මූලික ඉදි කිරීම් දැනටමත් ආරම්භ කර ඇති අතර 2024 වසරේ සිට එම කටයුතු තවත් පුලුල් කිරීමට නියමිතයි.

මේ යටතේ නව රැකියා අවස්ථා 2100 ක් පමණ බිහිවනු ඇතැයිද වාර්තා වනවා.

රථගාලේ ගාල් කල හැකි වාහන සංඛ්‍යාවද 10,000 සිට 11,000 දක්වා ඉහළ නැංවීම මීට ඇතුළත් තවත් යෝජනාවක්.

Latest news

Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »