
සේවක හිගය හමුවේ නිර්මාණය වී ඇති රැකියා පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා අයදුම්කරුවන් ආකර්ශණය කර ගැනීමට අපූරු ක්‍රමයක් අනුගමනය කිරීමට මැක්ඩොනල්ඩ්ස් අවන්හල් ජාලය තීරණය කර තිබෙනවා.
ඒ මැක්ඩොනල්ඩ්ස් අවන්හල්වල රැකියා සිදු කෙරෙන ආකාරය ඇතුළත් වීඩියෝ ක්‍රීඩාවක් නිර්මාණය කරමිනුයි.
දැනට ඔස්ටේ්‍රලියාව පුරා මැක්ඩොනල්ඩ්ස් අවන්හල් 1025 ක රැකියා පුරප්පාඩු 14,000 ක් පමණ පවතින බව සඳහන්.

අවන්හල් කාර්ය මණ්ඩලය – delivery පමණක් නොව ඇතැම් අවන්හල්වල කළමණාකාර තනතුරු පවා පුරප්පාඩුවයි පවතින්නේ.
එහෙත් අයදුම්කරුවන් නිසි පරිදි නොමැතිවීම සැළකිල්ලට ගෙනයි ඔවුන් ආකර්ෂණය කරගැනීම සඳහා මෙම වීඩියෝ ක්‍රීඩාව හඳුන්වාදීමට මැක්ඩොනල්ඩ්ස් අවන්හල් ජාලය තීරණය කර ඇත්තේ.
