Search

තවත් වීසා ජාවාරමක සුලමුල හෙළිවෙයි

මැලේසියාවේ රැකියා ලබාදෙන බව පවසා විවිධ පුද්ගලයින් රැකියා අපේක්ෂිතයින්ගෙන් මුදල් ලබාගන්නා බවට හා සංචාරක වීසා මගින් පුද්ගලයින් මැලේසියාවේ රැකියා සඳහා විදේශ ගතකරන බවට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත තොරතුරු වාර්තා වී තිබේ.

කිසිඳු අවස්ථාවක සංචාරක වීසා මගින් රැකියා සඳහා මැලේසියාවට නොයන ලෙසත්, එරට නීතිය අනුව සංචාරක වීසාපත් මගින් මැලේසියාවට ඇතුළු වූ පසු කිසිසේත් රැකියා වීසාපත්වලට මාරු කරගත නොහැකි බවත් කාර්යාංශය අවධාරණය කර සිටියි.

මැලේසියානු රජය, ශ්‍රී ලාංකිකයින් 10,000ක් සඳහා මැලේසියාවේ රැකියා අවස්ථා ලබාදීමට එකග වී ඇත.

මීට අදාල අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම සඳහා මැලේසියාවේ මානව සම්පත් අමාත්‍ය Datuk Seri M Saravanan මහතා හා මැලේසියානු කම්කරු කටයුතු අධ්‍යක්ෂක ජනරාල් ඇතුළු විශේෂ රාජ්‍යතාන්ත්‍රික නියෝජිත පිරිසක් මෙම මසදී ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිත අතර, රැකියා වැඩසටහන ක්‍රියාත්මක වන්නේ එම අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමෙන් අනතුරුව වේ.

මීට අදාළ ගිවිසුම් අත්සන් තැබීමෙන් පසු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය සහිතව මෙම 10000ක පිරිස විදේශ ගතකිරීමට බලාපොරොත්තු වන බවත්, ඒ පිළිබඳව ඉදිරියේදී නිළ වශයෙන් දැනුම්දීමට කටයුතු කරන බවත් කාර්යාංශය දන්වා සිටියි.

කිසිම අවස්ථාවක සංචාරක වීසා මගින් මැලේසියාවේ රැකියා සඳහා විදේශ ගත නොවන ලෙසත් මෙවැනි වංචාකරුවන් පිළිබඳව තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට දන්වන ලෙසත් කාර්යාංශය වැඩිදුරටත් දන්වා සිටියි.

විශේෂ විමර්ශන අංශය- දුරකථන අංකය 0112864241

ෆැක්ස් අංකය 0112864118

ඊමේල් ලිපිනය [email protected]

මෙල්බන්හිදී සිය මෝටර් රථයේම ගැටී අසාධ්‍ය වූ කාන්තාව

මෙල්බන් රෝහල ඉදිරිපිට සොරකම් කරන ලද වාහනයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිය මෝටර් රථයේම ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

Read More »

COVID-19 එන්නත් ගැන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුවට පෙර COVID-19 එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට අනතුරු ඇවීමක් නිකුත්කර තිබෙනවා.

Read More »

“මම ට්‍රම්ප්ගෙේ රූකඩයක් නෙවෙයි ” පීටර් ඩට්න් කියයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රූකඩයක් බවට කම්කරු පක්ෂය ගෙන යන ප්‍රචාරය තමන් ප්‍රතික්ෂේප කරන බව ඕස්ට්‍රේලියානු විපක්ෂනායක පිටර් ඩටන් පවසනවා.                  

Read More »