පාස්පෝට් නැතිවම අද සිට ග්‍රීන්කාඩ් අයදුම් කරන්න වරම්

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් වාර්ෂික ව ලබා දෙනු ලබන ‘ග්‍රීන් කාඩ්’ ලොතරැයියට අයැදුම්පත් කැඳවීම අද ආරම්භ වනවා.

අමෙරිකාවේ නැගෙනහිර සම්මත වේලාවෙන් අද දහවල් 12 සිට අයදුම්පත් කැඳවීම ආරම්භ වන අතර එය අවසන් වන්නේ නොවැම්බර් 08 වනදායි.

විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් නොමැතිව වුවද මෙවර ග්‍රීන් කාඩ් සඳහා අයදුම්කිරීමට අවස්ථාව සළසා දීම විශේෂත්වයක්.

ඇමෙරිකා එක්සත් ජනපදය, වාර්ෂික ව විදේශිකයින් 50,000 කට සිය රටෙහි නැවතීමට හා සේවය කිරීමට මෙන්ම පුරවැසියන් අත්විඳින වරප්‍රසාද රාශියක් ලබාගැනීමට හැකි වන පරිදි දීර්ඝකාලීන වීසා ලබා දීම සිදුකරනවා.

මෙය ලොතරැයියක් ආකාරයෙන් ලබා දෙන අතර, ලොව පුරා විවිධ රටවල විවිධ ජනකොට්ඨාසවලට මේ සඳහා ඉල්ලුම් කළ හැකියි.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ග්‍රීන් කාඩ් සඳහා අයැදුම් කිරීමට අදාළ සියලු විස්තර දක්වා තිබෙනවා.

මේ සඳහා කිසිදු අමතර වියදමක් දැරීමට අයැදුම් කරන්නාට සිදු නොවන අතර, 2023 වර්ෂයේ මැයි මස ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත්කිරීම සිදුවෙනවා.

පහත රටවල්වල පුරවැසියන් 2024 වසර සඳහා වන ග්‍රීන්කාඩ් ලොතරැයියට අයදුම් කිරීමට සුදුසුකම් ලබන්නේ නැහැ.

Bangladesh, Brazil, Canada, China (including Hong Kong SAR), Colombia, Dominican Republic, El Salvador, Haiti, Honduras, India, Jamaica, Mexico, Nigeria, Pakistan, Philippines, Republic of Korea (South Korea),
United Kingdom (except Northern Ireland) and its dependent territories, Venezuela, and Vietnam.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »