වික්ටෝරියා සෞඛ්‍ය ක්ෂේත්‍රයට තවත් පොරොන්දු 02 ක්

ලබන මස 26 වනදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් ජය ගතහොත්  West Gippsland ප්‍රදේශයේ නව රෝහලක් ඉදි කරන බවට ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් සහතික වනවා.

ඇඳන් 223 කින් සහ හදිසි ප්‍රතිකාර කුටි 33 කින් එය සමන්විත වනු ඇති.

2024 දී ඉදි කිරීම් ආරම්භ කර 2028 වසරේදී වැඩ කටයුතු අවසන් කිරීමටයි දැනට සැළසුම් කර ඇත්තේ.

මෙම ප්‍රදේශයේ රෝහලක් ඉදි කිරීම සඳහා ඩොලර් මිලියන 600 ක මුදලක් වෙන් කරන බවට වික්ටෝරියා ප්‍රාන්ත විපක්ෂයද මීට පෙර ප්‍රතිඥා ලබාදුන්නා.

මේ අතර මෙල්බන් නගරයේ ප්‍රධාන රෝහල් 05 ක් සඳහා විශේෂ පොලිස් නිලධාරීන් 75 දෙනෙකු අනුයුක්ත කිරීමට විපක්ෂ නායක මැතිව් ගයි තීරණය කර තිබෙනවා.

රෝහල් කාර්ය මණ්ඩලයේ සහ රෝගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමයි එහි අරමුණ වන්නේ.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »