ඔස්ටේ්‍රලියාව පුරා නිවාස මිළ ගණන් පහළට

ඔස්ටේ්‍රලියාව පුරා නිවාස මිළ ගණන් පසුගිය මාසයේදී සියයට 1.4 කින් පහළගොස් ඇතැයි අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව සියයට 25 කින් පමණ ඉහළ ගිය නිවාස මිළ ගණන් මෙම වසරේ මුල් මාස 09 දී නැවතත් සියයට 5.5 කින් පමණ අඩුවී ඇති බවයි නවතම අධ්‍යයනයකදී හෙළිවී ඇත්තේ.

නිවාස මිළ ගණන් වැඩිම අගයකින් අඩුවී ඇත්තේ සිඩ්නි නගරයේ වන අතර පසුගිය ජනවාරි මාසයේ සිට සළකා බැලීමේදී එම අඩුවීම ඩොලර් 104,300 ක් පමණ වනවා.

දෙවන ස්ථානයේ පසුවන බ්‍රිස්බන් නගරයේ නිවාස මිළ අඩුවීම සියයට 4.3 ක් පමණ වන බව සඳහන්.

මේ අතර ඔස්ටේ්‍රලියාවේ ෆෙඩරල් සංචිත බැංකු විධායක මණ්ඩලය හෙට (04) නැවතත් රැස්වීමට නියමිත අතර යළිත් පොළී අනුපාතික ඉහළ දැමීම පිළිබඳ එහිදී තීරණය කෙරෙනු ඇති බවටද වාර්තා පළවනවා.

ඒ අනුව පදනම් ඒකක 25 ත් 50 ත් අතර අගයකින් පොළී අනුපාතික අගයන් ඉහළ දැමෙනු ඇති බව සඳහන්.

දැනට cash rate අගය පවතින්නේ සියයට 2.35 ක් ලෙසයි.

සිසුවියන්ට අසභ්‍ය වචන භාවිත කිරීමේ සිදුවීමක් මෙල්බන්හි තවත් පාසලකින් වාර්තා වෙයි

මෙල්බර්න් හි පාසැලක කාන්තා වැසිකිළියක් තුළ සිසුවියන් ඉලක්ක කර ගනිමින් අසභ්‍ය වචන යොදා සටහන් තැබූ සිද්ධියක් යළිත් වාර්තා වනවා.

Read More »