කෘෂි සේවක හිගය පියවන්න විශ්‍රාමික රණවිරුවන් බඳවාගනී

ඔස්ටේ්‍රලියාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පවතින දැඩි සේවක හිගය මගහරවාලීම සඳහා විශ්‍රාමික රණවිරුවන් යොදාගැනීමේ යෝජනාවක් ඉදිරිපත්වී තිබෙනවා.

ඉරාක සහ ඇෆ්ඝන් යුධ මෙහෙයුම් සඳහා සහභාගී වි දැනට විශ්‍රාමිකව සිටින බොහෝ පිරිසක් සඳහා දැනටමත් එවැනි කැඳවීම් ලැබී ඇති බව සඳහන්.

මේ සඳහා ඔවුන්ගෙන්ද යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවටයි වාර්තා පළවන්නේ.

විශාල ගොවිපොළ හිමියන්ද මෙම යෝජනාවට කැමැත්ත පළකර ඇත්තේ විදේශයන්ගෙන් පුහුණු ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට වඩා අඩු වියදමකින් සහ කාර්යක්ෂමව සිය කටයුතු පවත්වාගෙන යාමට මෙමගින් හැකිවනු ඇති බවයි.

ඔස්ටේ්‍රලියානු හිටපු හමුදා විරුවන් 18 දෙනෙකු සඳහා මේ වනවිටත් වික්ටෝරියා Longerenong Agricultural College හිදී මූලික පුහුණුව ලබාදීම ආරම්භ කර තිබෙනවා.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »