අගෝස්තු මාසයේදී ඔස්ටේ්‍රලියාවේ උද්ධමනය සුලු අගයකින් අඩුවී තිබෙනවා.
පසුගිය ජූලි මාසයේදී සියයට 7 ක් ලෙස පැවති උද්ධමනය අගෝස්තුවේදී සියයට 6.8 දක්වා අඩුවී ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කර ඇති නවතම වාර්තාවේ සඳහන් වන්නේ.
මේ අතර ඔක්තෝබර් මාසයේ සිට උද්ධමනය ආශ්‍රිත දත්ත මාසිකව නිකුත් කිරීමටද සංඛ්‍යාලේඛණ කාර්යාංශය තීරණය කර තිබෙනවා.
එමගින් ආර්ථික විශේෂඥයන්ට ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීමට වඩාත් අවස්ථාව උදාවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.
පසුගිය මාර්තු කාර්තුවේ සියයට 5.1 ක් ලෙස පැවති ඔස්ටේ්‍රලියාවේ උද්ධමනය ජූනි කාර්තුවේදී සියයට 6.1 ක් දක්වා ඉහළ ගොස් තිබුණා.