තරුණියක මිය ගිය සිද්ධියේ වෛද්‍යවරයාට සැත්කම් තහනම්

පෞද්ගලික රෝහලකදී වෛද්‍යවරයෙකුගේ නොසැලකිලිමත්කම හේතුවෙන් ජා-ඇළ දෑලතුර ප්‍රදේශයේ තරුණියකට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

අමාත්‍යංශයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙනතුරු වෛද්‍යවරයාගේ සැත්කම් තහනම් කරන බවයි.

පරීක්ෂණයෙන් පසු අදාළ වෛද්‍යවරයාට එරෙහිව විනය පියවර ගන්නා බවද ඔහු කියා සිටියා.

සැකකාර වෛද්‍යවරයා මීට පෙර සිදුකළ සැත්කම්වලින් රෝගීන්ට ඇතිවූ සංකූලතා පිළිබඳව ද මේ වන විට තොරතුරු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ජේෂ්ඨ ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.

මෙලෙස සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූයේ ඉකුත් මස 13 වනදා යුගදිවියට පිවිසි ජා-ඇළ, දෑලතුර පදිංචි බුද්ධිකා හර්ෂණී ධර්මවික්‍රමයි.

විවාහයෙන් දින 17කට පසු හටගත් සුළු රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබාගැනීමට ඇය රෝහල් ගතවී තිබුණා.

ඇයගේ පිත්තාශයේ එක් පැත්තක ගලක් ඇති බව ප්‍රකාශ කර ඇති වෛද්‍යවරයා සැත්කමක් සිදුකළ යුතු බවටයි ඇයට දන්වා ඇත්තේ.

ඒ අනුව, වත්තල පිහිටි පෞද්ගලික රෝහලකදී ඇය සැත්කමකට භාජනය කරන්නේ ඉකුත් මස 31 වනදායි.

කෙසේවෙතත් ශල්‍යකර්මයෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ඇය රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණත් ඇතිවූ සංකූලතා මත ඉකුත් 25 වැනිදා ඇය ජීවිතයෙන් සමුගත්තා.

ඒ, දින විසිපහක් රාගම රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුවයි.

ඇයගේ උපන් දිනය යෙදී තිබුණේ ද ඉකුත් අඟහරුවාදා දිනයටයි.

පවුලේ ඥාතීන් චෝදනා කළේ පෞද්ගලික රෝහලක් තුළ ඇයට සැත්කම සිදුකළ වෛද්‍යවරයාගේ නොසැලකිල්ල මත මෙම මරණය සිදුවූ බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජයේ කතාබහක් මතු වුණේ මරණයෙන් පසු සැත්කම සිදුකළ වෛද්‍යවරයා පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුවත් සංසරණයවීම හේතුවෙන්.

ඒ අනුව අදාළ පෞද්ගලික රෝහල සහ වෛද්‍යවරයා සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික රෝහල් නියාමන සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසූරිය පැවසුවේ.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »