බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජයට වාර්තාගත ලාභාංශයක්

ගතවූ මූල්‍ය වර්ෂය සඳහා බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය ඩොලර් බිලියන 6 ක ලාභාංශයක් වාර්තා කර තිබෙනවා.

එය අපේක්ෂා කල ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 344 ක අමතර ආදායම් ඉපැයීමක් බවයි විගණනයකදි අනාවරණ වී ඇත්තේ.

2021-22 මූල්‍ය වර්ෂය සඳහා බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජයේ වියදම තක්සේරු කල අගයට වඩා ඩොලර් මිලියන 576 කින් පමණ අඩු වීම මෙම ඉහළ ලාභාංශයට ප්‍රධාන හේතුවයි.

කෙසේවෙතත් ප්‍රාන්ත රජයේ අපේක්ෂිත ආදායම ඩොලර් මිලියන 232 කින් පමණ පහළගොස් ඇති බවද වාර්තා වනවා.

ලබා ඇති අමතර ලාභාංශය යොදා ප්‍රාන්ත රජයේ ණය පියවීමට සහ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට යොදා ගැනීමටයි බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය සැලසුම් කර ඇත්තේ.

ඊට අමතරව රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සඳහාද ප්‍රතිපාදන යෙදවීමට ප්‍රාන්ත රජය වැඩිදුරටත් අපේක්ෂා කර සිටිනවා.

ඒ අනුව සියයට 3 ත් සියයට 6.2 ත් අතර අගයකින් වැටුප් වැඩි කිරීමට නියමිතයි.

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »